මධ්‍යම පළාතේ කෘෂිකර්මයට අවශ්‍ය කාබනික පොහොර පළාතේම නිෂ්පාදනය කොට අඛණ්ඩව සපයාදීම සදහා සක්‍රිය දායකත්වය ලබාදීමට මධ්‍යම පළාත් සභාව සුදානම් බව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පැවසීය.
කුණ්ඩසාලේ අලුත්වත්ත ප්‍රදේශයේ පිහිටි කසල කළමනාකරණ ව්‍යාපෘතිය නිරීක්ෂණය සඳහා අද (6) එක්වූ පළාත් ආණ්ඩුකාරවරයා මේ බව අනාවරණය කළේය.
මේ සදහා පළාතේ සියලු පළාත් පාලන ආයතනවල සෘජු දායකත්වය ලබාගැනීමට පියවර ගන්නා බවත්, කාබනික පොහොර නිෂ්පාදනය කොට සැපයීමටත්, ඒ තුලින් වාර්ෂිකව පිටරටට ඇදි යන විදේශ විනිමය විශාල මුදලක් මේ රටේම ඉතිරි කොට ඒවා ගොවි ජනතාව වෙත ලබාදීමට කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ ඉලක්කය සඳහා දායකත්වය ලබාදෙන බවට ද පැවසිය.
අක්කර 02 ක භුමි භාගයක පවත්වාගෙන යනු ලබන මෙම මධ්‍යස්ථානයට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර හා නව සම්පත් සම්පුර්ණ කිරීමටත්, සම්පුර්ණ තාක්ෂණ සහාය මහනුවර මහා නගර සභාව ඇතුළු ආයතන වෙතින් ලබාගැනීමටත් කටයුතු කරන ලෙසත්, මෙම මධ්‍යස්ථානයෙන් පැයකට පොහොර ටොන් 04ක් දක්වා නිෂ්පාදනය කිරීමේ ධාරිතාව වැඩි කිරීමට අවශ්‍ය පරිදි කටයුතු සලසා දෙන ලෙසත් දි උපදෙස් ලබාදුන් ආණ්ඩුකාරවරයා ,පළාතේ පිහිටි මෙවන් මධ්‍යස්ථානවල ධාරිතාව සංවර්ධනය කරන බවත් සදහන් කළේය.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්