මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් 51 ක් වාර්තා වීමත් සමඟ අද 13 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 916 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 573 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 268 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75 දෙනෙකුද වාර්තා වී ඇත.
මේ අතර මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කොරෝනා ආසාදිතයින් සඳහා වන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පහක දෙසැම්බර් 13 දින දින වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 729 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.