කොව්ඩ් වෛරසය පැතිරීයාම් අවධානම මත තාවකාලික නවතා දමා තිබු මධ්‍යම පළාතේ වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම යළි අද (01) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තු පවසයි.
මේ අනුව මහනුවර යටිනුවර වීදියේ පිහිටි ප්‍රවාහන සහ මහාමාර්ග සංවර්ධන අමාත්‍යංශ ගොඬනැගිල්ලේ පිහිටි විශේෂ කවුළුවෙන් හා මධ්‍යම පළාතට අයත් නුවරඑළිය, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කයන්ගේ පිහිටි සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම වාර්ෂික ආදායම් බලපත්‍ර ලබා ගත හැකි බවද එම දෙපාර්තුමේන්තුව කියයි.
වාර්ෂික ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා අද (01) උදෑසන සිටම බලපත්‍ර නිකුත් කිරීමේ ස්ථාන අවට විශාල වශයෙන් ජනතාව පැමිණ සිටිනු දක්නට ලැබුණු අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව බලපත්‍ර නිකුත් කිරීමට එම මධ්‍යස්ථානවල නිලධාරීන් පියවර ගන්නා ලදි.