මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද 24 වනදා පෙරවරුව දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුත නව ආසාදිතයින් 106ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 3766 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.
අද පෙරවරුව දක්වා මහනුවරදිස්ත්රික්කයෙන් ආසාදිතයින් 2437 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 812 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 517 ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ගණන මහනුවර මහ නගර සභා කොට්ඨාසය තුලින් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 431 ක් වෙයි . නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වී ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණ 281 ක් වෙයි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රදාණය 212 ක් වෙයි.
අද 24 වනදා පෙරවරුව දක්වා වූ ගෙවුණු පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින් 106 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් 66දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 23දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද, ආසාදිතයින් 17 දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.
මේ අතර මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ18 ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණහතරක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ දෙකක්ද ඇතුළුව මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ 23 ක්ද වාර්තා වී ඇති බවද සෙඛ්‍ය අංශ කියයි.
මොහොමඩ් ආසික්