මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද පෙරවරුව දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුත නව ආසාදිතයින් 73ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 2133 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.
අද පෙරවරුව දක්වා මහනුවරදිස්ත්රික්කයෙන් ආසාදිතයින් 1356 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 623 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 154 ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ගණන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසය තුලින් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 290 ක් වෙයි .
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වී ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණ 258 ක් වෙයි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රදාණය 35 ක් වෙයි.
අද පෙරවරුව දක්වා වූ ගෙවුණු පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින් 73 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් 59දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 12 දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද, ආසාදිතයින් දෙදෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තවදුරටත් කියයි.
මේ අතර මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ නවයත් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් එක් කොවිඩ් මරණයක්ද ඇතුළුව මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ දහයක් වාර්තා වී තිබේ.
මහනුවර මොහොමඩ් ආසික්)