මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද 27 වනදා පෙරවරුව දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 100 ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාතු තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 1570 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.
අද පෙරවරුව දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 991 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 456 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 123 ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ගණන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුලින් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 277 ක් වෙයි .
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වී ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණ 192 ක් වෙයි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එම ප්රදානය 25 ක් වෙයි.
අද 27 වනදා පෙරවරුව දක්වා වූ ගෙවුණු පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින් 100 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් 40දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 60 දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද, හඳුනාගෙන ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තවදුරටත් කියයි.
මේ අතර මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ පතරක්ද වාර්තා වී තිබේ.
මධ්‍යම පළාත තුල පිහිටුවා ඇති ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ගෙවුණු පැය විසි හතරක් තුල ආසාදිතයින් 49 කු ඇතුලත් කරනු ලැබ ඇති අතර 47 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි.
මොහොමඩ් ආසික්