මධ්‍යම පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරකට නායයෑමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානය අද 20 වනදා සවස නිකුත් කරනු ලැබ තිබේ.
මධ්‍යම පළාත තුල අද අලුයම් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව සහ උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලටද, මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටද මෙලෙස නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
ගෙවී ගිය පැය 24 තුල මෙම ප්‍රදේශයේ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවා ඇති බැවින් තවදුරටත් වැසි පවතීනම් නායයෑමේ, බෑවුම් කඩා වැටිමේ, ගල්පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ,සහ පොළොව ගිලා බැසීමේ අවදානමක් පැවතිය හැකි බැවින් ජනතාව වඩාත් අවධානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටියි.
මහනුවර මොහොමඩ් ආසික්