කටුගස්තොට ග්‍රාමීය රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් ස්ථාපිත කළ බවත් මධ්‍යම පලාත තුළ ඇති ප්‍රධාන රෝහල් 09 ආශ්‍රිතව ඇති ග්‍රාමීය රෝහල්12 ක් කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන්කොට එහි ඇඳන් 1456 ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසීය .
ඒ මහතා ඒ බව සඳහන් කර සිටියේ ඊයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ශ්‍රවණාගාරයේ දී පැවැති කොවිඩ් පිටුදැකීමේ කමිටු රැස්වීමේදී ය .
එම රෝහල්වලට අවශ්‍ය ඔක්සිජන් සහ නළ පද්ධතිමේ වන විටත් ඇනවුම් කොට ඇති බව පැවසූ පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ වරයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීම සඳහා පි.සි.ආර්. යන්ත්‍රයක් ඇණවුම් කොට ඇති බවද පැවසීය .
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් ඉදිරියේදී පවත්වාගෙන යාම සඳහා නුවරඑළිය සහ ගම්පොල ප්‍රදේශයේ විශාල ගොඩනැගිලි දෙකක් ද මේ වන විටත් හඳුනාගෙන ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය .
ෂේන් සෙනෙවිරත්න