මධ්‍යම පළාතේ ගුරු සේවයේ ගුරු සහායකයින් 419 දෙනෙකුට පත් වීම් ප්රදානය කිරීමේ සංකේතාත්මක උත්සවය අද 23 මධ්‍යම පළාත්ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ .
මෙම පත්වීම් ප්‍රදාන උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා සමඟ වතු නිවාස සහ ප්‍රජායටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
කෙසේ නමුත් පවතින සෞඛ්‍ය නිර්දේශයන් හේතුවෙන් මෙම පත්වීම් ප්‍රදානෝත්සවයට සංකේතාත්මකව කැඳවනු ලැබ තිබුණේ පත්වීම් ලාභින් 15 දෙනෙකු පමණි.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රමේෂ්වරන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නන්දන ගලබොඩ, පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තිලක් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.