මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ ඊයේ වන දින විට 769 ක් වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව ඊයේ වන විට මධ්‍යම පළාතෙන් කොවිඩ් ආසාදිත මරණ 769 ක් වාර්තා වී ඇති බවත් මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ495 මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 124 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ160ක් වශයෙන් මෙම මරණ769 වාර්තා වී ඇති බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මොහොමඩ් ආසික්