මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 591 ක් අද මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
මෙම මරණ 591 අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ387 මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 100 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 104 ක් වශයෙන් මෙම මරණ591 වාර්තා වී ඇති බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර පැය 24 ක් තුල මධ්‍යම පළාතෙන් මරණ 14 ක් වාර්තා වී ඇති බවත් මහනුවරින් හයක් නුවරඑළියෙන් හයක් සහ මාතලෙන් දෙකක් වශයෙන් එම මරණ වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි.
මොහොමඩ් ආසික්