මධ්‍යම පළාත තුල 28 වන දිනට වාර්ථාවි ඇති කොවිඩ් ආසාදිතයන් 288ත් සමග මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයන් ගනන 9251 දක්වා ඉහල ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මධ්‍යම පළාත තුල 28 වන දිනට මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 88 දෙනකු, මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 140 දෙනකු, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 60 දෙනකු අලුතින් වාර්ථාවි ඇති බවත්ය.
මෙම තත්වයන් මත මේ වන විට මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 5694ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 1757ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 1800 වශයෙන් වාර්ථාවි ඇති බවත්ය.
මේ වන විට මධ්‍යම පළාත තුල සමස්ත කොවිඩ් ආසාදිත මරණ 92ක් වන බවත් එයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 69ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 11ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 12 වශයෙන් වන බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්