මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද (10) පෙරවරුව දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 246දෙනෙකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත සංඛ්‍යාව 11,408දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.
මේ අනුව අද පෙරවරුව දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6798 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2194ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2416 ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
අද පෙරවරුවෙන් ගෙවුණු පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින් 246දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් ආසාදිතයින් 168දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 16දෙනෙකුනුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද, ආසාදිතයින් 62 දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.
මේ අතර මධ්‍යම පළාතේ මේ වන විට කොවිඩ් මරණ 112 ක් වාර්තා වී ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ78 ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ19 සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 15 ක්ද ඇතුළුව මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ 112ක්ද වාර්තා වී ඇති බවද සෙඛ්‍ය අංශ කියයි.
මොහොමඩ් ආසික්