මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව තිස් දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව (17) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 84 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 30,094 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 16,207 කි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5,780 දෙනෙකුද නුවරඑළියදිස්ත්රික්කයෙන් ආසාදිතයින් 8,107 ද මේ දක්වා වාර්තා වී ඇත.
මධ්‍යම පළාත තුළින් (17) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යා 102කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 82ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 13ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 07ක් ලෙසිනි.
මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 775 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 498ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 124ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 153ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.