මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 161ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (09) පෙරවරු 6.00 වන විට 2479 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් තවමත් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 1637කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 625 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 217 දෙනෙකු ද වාර්තා වී ඇත.
අද (09) පෙරවරු 6.00 දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 161 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 140 ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 15 ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 06 ක් ලෙසිනි. වාර්තාවී ඇති මරණ 16 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 14 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 02 ලෙසින් මෙම මරණ වාර්තාවේ.
මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වේ. ඒ ආසාදිතයින් 346කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 264කි. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි ඒ ආසාදිතයින් 56කි.
මේ අතර මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කොරෝනා ආසාදිතයින් සඳහා වන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන හයක අද (09) දින 6.00 වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 871 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල පැය 24 ක කාලය තුළදී රෝගීන් 74 ක් ඇතුළත්කර ඇති අතර සුවය ලබා පිටවූ සංඛ්‍යාව 86 දෙනෙකි.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්