මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය තුල අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවත් සදුදා දිනයේ සිට ආණ්ඩුකාර කාර්යාලයේ සේවයන් නිසි පරිදි පවත්වනු ලබන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය අවධානම් කලාපයක් ලෙස නම් කරමින් හුදකලා පෙදෙසක් කල බව සමහර මාධ්‍ය වල ප්‍රචාරය වු බැවින් එය නිවරදි කිරිම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම මාධ්‍ය සාකච්ඡාව අද (25) දිනයේ පැවැත්වු අවස්ථාවේදි මෙසේ පැවැසිය.
එය හුදකලා කිරිමක් නොව තාවකාලිකව ආරක්ෂාකාරි පියවරක් බවද ආණ්ඩුකාරවරයා පැවැසිය.
නාවික හමුදාවේ නිවාඩු ලබා සිටි සෙබලෙකු නිවස අසල නිවසක ආණ්ඩුකාර කාර්යාලයේ සේවකයෙකුද ඒ නිවස අසල සිට ඇති අතර
එම සෙබලාගේ මෝටර් රථය ආණ්ඩුකාර කාර්යාලයේ සේවකයා විසින් එම රථය තල්ලු කර ඉන් පසු ආණ්ඩු කාර කාර්යාලයේ සේවයට පැමිණ ඇති අතර එම සේවකයාට දහවල් 12 ට පමණ එම සෙබලාගේ නිවසට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පැමිණ ස්වයං නිරෝධායනයකට ලක් කර ඇත.
ආණ්ඩුකාර කාර්යාලයේ සේවකයාට ඔහුගේ නිවසින් දුරකථන ඇමතුමක් දි ඇති අතර ඉන්පසු එය ආණ්ඩුකාර ලේකම්තුමාට කතා කර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා දැනුවත් කර එම සේවකයාට ඒ මොහොතේම නිවස බලා යන්නට කියා අනිකුත් සේවකයන් සේවා වෙලාවට කලින් නිවෙස් බලා පිටත් කර යැවු බවද ඔවුන්ට සදුදා දිනයේ නැවත රැකියාව සදහා පැමිණෙන ලෙස ඉල්ලිමක් කල බවද ආණ්ඩුකාරවරයා පැවසිය.
කෙසේ වෙතත් එම නාවික සෙබලාට කොරෝනා වැලදි නොමැති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් පැවැසු බවද එහිදි පැවැසිය.
කොරෝනා සම්බන්ධව යම් කරුණක් දැනගතහොත් එය එළි කල යුතු බවත් ඒ සදහා සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ දිවාරැ දෙකේම සේවාවන් වල යෙදෙන බවත් එසේ වසං කිරිම තුල මධ්‍යම පළාත තුල මෙවන් තත්ත්වයක් හට ගත් බවත් කිසිවෙකු මේ පිළිබදව තොරතුරක් දන්නේ නම් අදාල අංශ වෙත දන්වන ලෙසද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා සඳහන් කළේය.