ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි මධ්‍යම ප්‍රාන්තික පවුල් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත මහල් නිවාස 5,000 ඉදිකිරීමේ මුලික කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලබයි.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සහ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ උපදෙස් පරිදි පසුගිය 12 වැනිදා අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේ ප්‍රධානත්වය දැරූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ මෙම මහල් නිවාස ඉදිකිරීමේ මූලික කටයුතු දැන් සිටම ආරම්භ කළ යුතු බවයි.
අඩු ආදායම්ලාභී නිවාස නොමැති පවුල් වෙනුවෙන් නව නිවාස ලබා දීමේ වැඩසටහන එක් පැත්තකින් සාර්ථකව සිදුකෙරෙද්දි අනෙක් පැත්තෙන් නිවාස නොමැති මධ්‍යම ප්‍රාන්තික පවුල් වෙනුවෙන් නිවාස ලබාදීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගෙන් උපදෙස් ලැබී ඇති බවද අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විසින් පෙන්වා දෙන ලදී.
වෛද්‍යවරුන්, නීතීඥවරුන්, ගුරුවරුන් ඇතුළු විවිධ ක්ෂේත්රවල රජයේ සේවකයින්ට ඔවුන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන විටම ඔවුන් ස්ථිර ලෙස පදිංචි කරවීමේ අරමුණින් මෙම නව මහල් නිවාස සංකීර්ණ ඉදිකෙරෙන බවද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.
කොළඹබ්ලූමැන්ඩල්, පෑලියගොඩ, ඔරුගොඩවත්ත, කොට්ටාව, පන්නිපිටිය, මාළඹේ, මහනුවර, අනුරාධපුරය ඇතුළු නගර කිහිපයක මෙම නව මහල් නිවාස 5,000 ඉදිකිරීම් කටයුතු ඉදිරි මාස 2 ක ඇතුළත ආරම්භ කිරීමට නියමිත අතර එම නිවාස ඉදිකිරීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අදාළ කොන්ත්‍රාත් සමාගම්වලට උපදෙස් ලබාදෙන ලදී.
ඒ අනුව මෙම කොන්ත්‍රාත් සමාගම් විසින් මහල් නිවාස ඉදිකිරීමට යෝජිත භූමි ප්‍රදේශවල මූලික බිම් සකස් කිරීමේ කටයුතු ද අද හෙටම ආරම්භ කිරීමට නියමිතයි.
කාමර දෙකකින් සමන්විත වර්ග අඩි 700 ක නිවාස සහ කාමර තුනකින් සමන්විත වර්ග අඩි 900 ක යන නිවාස වර්ග දෙක මෙම මහල් නිවාස 5,000 ට අයත් වන අතර එම නිවාස වර්ග දෙකෙහි ආදර්ශ නිවාස කඩිනමින් සකස් කර අනුමැතිය ලබා ගැනීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණ.
වසර 3 ක් ඇතුළත මෙම මහල් නිවාස 5,000 ඉදිකර අවසන්කොට මධ්‍යම ප්‍රාන්තික ජනතාව අතට පත්කිරීමට නියමිතයි.
6.25% ක සහන පොළියකට වසර 30 ක කාලයක් තුළ සහනදායී වාරික වශයෙන් මෙම නිවාස මිළදී ගැනීමේදී අදාළ ගෙවීම් සිදුකිරීමට ද සැලසුම් කර තිබේ.
මෙම මහල් නිවාස ඉදිකිරිම සඳහා මූලික වියදම ලෙසට රුපියල් බිලියන 25 ක ණයකර නිකුතුවක් මඟින් මුදල් ලබා ගැනීමට නියමිතයි.
මහල් නිවාස 5,000 වෙනුවෙන් වැයකෙරෙන මුළු මුදල රුපියල් බිලියන 60 කි.