මධ්‍යම අධිවේගයේ මීරිගම - කුරුණෑගල කොටස වසර අවසානයට පෙර ජනතා අයිතියට
- 5 02 2020
- 19:20
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
මධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණැගල දක්වා දෙවැනි කොටසේ ඉදිකිරීම් මේ වසරේ අගෝස්තු මාසයට පෙර අවසන් කරමින් වර්ෂ අවසානයට පෙර ජනතා අයිතියට පත්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම එම අධිවේගී මාර්ගයේ පළමු හා තෙවැනි කොටසේ ඉදිකිරීම්ද කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
