තවමත් වීවෘත කර නොමැති මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වූ යතුරු පැදියක් හා එම දිසාවටම ධාවනය වූ මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 19ක් හා 24ක් වන පුද්ගලයන් දෙදෙනෙකි. කිලෝමීටර් 59 වැනි කණුව ආසන්නයේදී අනතුර සිදුව තිබේ.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයන් 5 දෙනාගෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉතිරි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි. මෝටර් රථය මෙන්ම යතුරු පැදියද අනතුරින් පසුව ගිනිගෙන තිබේ.
සැකකරුවන්ට නීරෝධායන නීති හා දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.