මුදල් මුද්‍රණයට රට යොමු වෙන්න ප්‍රධාන හේතුව පසුගිය ආණ්ඩුව මහ බැංකුව මංකොල්ල කෑමේ ප්‍රථිපලය බවත් මහින්ද රාජපක්ෂ රජය සමයේදී රටේ ආර්ථික වර්ධනය වේගය දෙවැනි වූයේ චීනයට පමණක් බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිරි මහතා පැවැසීය.
රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රමාත්‍යතුමාගේ ආණ්ඩු කාලයේ මේ රට ඇෆ්ගනිස්තානයට හිමි ආර්ථක මට්ටමට එන තුරු කඩා දැමූ බවත් ඔහු පැවැසීය. පසුගියදා (08) කැබිතිගොල්ලෑව, කහටගොල්ලෑව ප්‍රදේශයේ නව සමෘද්ධි බැංකු සංකීර්ණයට මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"විවිධ අවස්තාවන් වලදී මුදල් මුද්‍රණයන් පිළිබඳ අපි අහලා තියෙනවා. නමුත් මට පුදුමේ මේ මුදල් මුද්‍රණය පිළිබඳ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා කතා කිරීම ගැනයි. පසුගිය ආණ්ඩුව මහ බැංකුව මංකොල්ල කෑමේ ප්‍රථිපලය තමයි මුදල් මුද්‍රණයට රට යොමු වෙන්න ප්‍රධාන හේතුව.
රනිල් වික්‍රමසිංහ මැතිතුමාලගේ කාලේ තමයි අපි යුද්දේ කාලෙවත් නැති විදිහට මුදල් මූද්‍රණය ආරම්භ කළේ. ඒ විතරක් නොවේ අපේ රටේ 07% කට ආසන්නව තිබූ ආර්ථක වේගය 02% කට ඇද වැට්ටුවා. අපි ඇෆ්ගනිස්තානය මට්ටමට ගියා.
මහින්ද රාජපක්ෂ මැතිතුමා අවුරුදු 10 ක කාලය තුළ ගත්තා වාගේ ණය ප්‍රමාණයට වඩා දෙගුණයක් වැඩියෙන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ණය ගත්තේ. ඒ ණය කිසිම විදිහකින් ජනතාවට දැනෙන ආකාරයට ආයෝජනයක් කළේ නෑ.
ලෝකයේවත් රටේවත් කිසිම ආර්ථක අර්බුධයක් නැති වෙලාවේ ණය ගත්ත, මුදල් ම්‍රද්‍රණය කළ නායකයෙක් අද මුලු ලෝකයම කොවිඩ් වසංගතය තුළ මේ රාට් ආර්ථිකය ගැන කතා කිරීම පිළිබඳ අපි පුදුම වෙනවා.
අද වන විට මෙම කොවිඩ් වසංගතය රටේ ආර්ථකයට බලපාලා තියෙනවා. සංචාරකයින් නොපැමිණීම හේතුවෙන් විදේශ මුදල් රටට ලැබෙන්නෙත් නෑ. අද නමුත් රටේ සංවර්ධනය ක්‍රියාත්මක වෙනවා. අපි රජයක් වශයෙන් ආර්ථිකය වර්ධනය වෙන්න ඕන පසුබිම
සකස් කරලා තියෙනවා. අද ගොවියාට හොද මිලක් තියෙනවා වෙළද පොලේ . අපට පාලනය කරන්න තියෙන්නේ පාරිභෝගිකයාට වැඩි මිලක් භාණ්ඩ සඳහා ගෙවන්න වුණ එකයි. අපි ඒකත් පාලනය කරනවා.
ඒ නිසා අර්බුධ කාරී තත්ත්වයක් තුළ විවේචනය කරන හිටපු අගමැතිතුමාගෙන් අපි අහනවා අර්බුධයක් නැති වෙලාවේ , රට පාලනය කළ වෙලාවේ ඇයි ඔබතුමන්ලා මේ රට අයහපත් ආර්ථික කලමනාකරණයට ගෙන ගියේ කියලා."