“මම කාර් රථයේ දොර ඇරගෙන කෑගැසුවා මාව බේරාගන්න කියලා. පස්සේ ඔහු මගේ කොණ්ඩයෙන් අල්ලාගෙන ගෙල නමා කකුලට තියා තදකරගෙන එක් අතකින් කාර් රථය පදවාගෙන ගියා” යැයි ගාල්ල කරාපිටිය නගරයේ දි කාර් රථය සමග පැහැරගෙන ගොස් පසුව රත්ගම ප්‍රදේශයේ දී දමාගිය රුසියාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවියක් වන විල්හාරි චාරුකා (25) සිය අත්දැකිම් විස්තර කරමින් පැවැසුවාය.
කොල්ලකරු විසින් තරුණිය රත්ගම ප්‍රදේශයේ දි කාර් රථයෙන් බස්සවා ඇයගේ අත්පළදනාව හා රුපියල් 62000ක මුදලක් සමග කාර් රථය පැහැර ගෙනගොස් තිබුණි. අද (24) අළුයම බුස්ස දැව සංස්ථාව ඉදිරිපිට දමාගොස් තිබියදි කාර් රථයද පොලීසිය මගින් සොයාගෙන ඇත.
“කරාපිටිය නගරයේ පිහිටි රජයේ බැංකුවකට ටිකක් දුරින් කාර් රථය නතර කළා. මා කාර් රථයේ හිටියා. යතුර දොර අස්සේ දමා. චෙක්පත් වගයක් බැංකුවට දෙන්න නංගි කාර් රථයෙන් බැහැලා ගියා. මුදල් හුවමාරු යන්ත්‍රය අසළ දිගු පොලිමක් තිබු නිසා නංගි සල්ලි මට දිලා ගියා.
මම කාර් රථයේ වාඩිවෙලා ජංගම දුරකථනය ඔබ ඔබ හිටියේ. මා දැක්කේ නැහැ ඔහු කාර් රථයට ගොඩවෙලා වාඩිවෙනකම්. ඉස්සරහ තියෙන වෑන් එක් පිටුපසට ගන්න කාර් රථය පිටු පසට ගන්නවා කියලා කිවා. මා කිවා කමක් නැහැ කියලා. ඔහු කාර් රථය පිටුපසට අරගෙන නැවත ඉදිරියට ධාවනය කළා. මගෙන් ඇසුවා කාර් රථයේ කල්බදු වාරික ගෙවලාද තියෙන්නේ කියලා. පස්සේ තමයි මට වැටහුණේ මේ පුද්ගලයා හොරොක් කියලා.
මා කාර් රථයේ දොර ඇරගෙන කෑගැසුවා මාව බේරාගන්න කියලා. පස්සේ ඔහු මගේ කොණ්ඩයෙන් අල්ලාගෙන ගෙල නමා කකුලට තියා තදකරගෙන එක් අතකින් කාර් රථය පදවාගෙන ගියා . එක අතකින් තමයි කාර් රථය පැදවුයේ.මට මුකුත් කරගන්න බැරිවුනා.මා කිවා ඉලන්න ඕන දෙයක් දෙන්නම් කාර් එක තියලා යන්න කියලා.
මට සල්ලි විතරයි ඔන මට කාර් රථයෙන් ඇති වැඩක් නැහැ. කියලා ඔහු කිවා. කාර් රථයේ යතුරත් මට දුන්නා. මගේ අත්පළදනාව ගලවන්න කිවා. මාව බසන්න කිවා. අත් පළදනාව හා මුදල් ආරගෙන කාර් එක තියලා යන්න කියලා මා කිවා. කාර් රථයේ ඇගිලි සලකුණු වැදිලා තියෙනවා. එවා ක්ලින් කරලා කාර්එක මග දමලා යන්නම් කියලා ඔහු කිවා. කොමියුනිකේෂන් එක ළග ඔයා බස්සවන්නම්. ඔයා අම්මාට කථා කරලා මේ ගැන කියන්න. මම කොතනක හරි වාහනේ දමලා යන්නම් කියලා පස්සේ ඇවිත් ගන්න කියලා.
මාව පිටුපසෙන් කවුරුහරි එන බව ඔහු කිවා. අම්මාගේ තාත්තාගෙයි කාර් එක අනේ මා ළඟ තියෙන මුදල් හා රන් භාණ්ඩ දෙන්නම් කාර් රථය තියලා යන්න කියලා කිවා. ඔහු මා සමග ඉංග්‍රිසියෙන් ද කථා කළා. ඔයා බුද්ධිමත් ළමයෙක් නේ. ඔයා මම කියන එක තෙරුම් ගන්න. මට මේ කාර් එක අරගෙන ගිහින් මොනවා කරන්නද මට සල්ලි විතරයි ඕන කිවා. මම අත්පළදනාව ගලවලා දුන්නා කරාබු දෙක ගලවලා දෙන්න හැදුවා. කරාබු දෙක එපා කිවා.
සල්ලි හා අත් පළදනාව ගත්තා. පස්සේ මා කාර් රථයේ යතුරත් අරගෙන බැස්සා. රත්ගම ප්‍රදේශයේ තිබු ලි මෝලක් අසල තමයි දමා ගියේ. මම ගෙදරට කථා කරලා තිවා. පස්සේ මාව රත්ගම පොලිසියට එතන හිටපු මල්ලි කෙනෙක් ත්‍රිරෝද රථයකින් රැගෙන ගියා. පස්සේ රත්ගම පොලිසියෙන් මාව ගාල්ල පොලිසිය වෙත යොමු කළා.” යැයි ඇය කිවාය.