ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් තිබියදී එය ආර්ථිකයට බලනොපාන බවට මුදල් අමාත්‍යවරයා හතරබීරි කතා කියමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මෙම තත්ත්වය පාලනය නොකළහොත් මේ වසර අවසන් වන විට ඩොලරයට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය රුපියල් දෙසීයක් විය හැකි බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
රුපියල කඩාවැටීම වළක්වා ගැනීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් මේ හරහා ආර්ථිකයට විශාල බලපෑමක් සිදුව තිබෙන බවද අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.