මදුරන්කුලිය කර්මාන්ත ශාලාවේ 24 දින වන විට කොවිඩ් 19 ආසාදිතයින් 101 දක්වා ඉහල ගොස් තිබු බව සෞඛ්‍ය අංශ පවසයි.
එම කර්මාන්ත ශාලාවේ සේවය කල පිරිස් අවස්ථා ගණනාවකදි කොරෝනා ආසාදිත වු අතර 24 දිනට පමණක් ආසාදිතයින් 26ක් වාර්තා වි තිබු බව සෞඛ්‍ය අංශ පවසයි .
මෙම ආසාදිතයින් පුත්තලම ,ආණමඩුව , පල්ලම , මුන්දලම , මහකුඹුක්කඩවල , වනාතවිල්ලව, යන ප්‍රදේශ වල පදිංචි සේවිකාවන් බව කියයි.
මෙම ආසාදිත කාන්තාවන් අදාල කර්මාන්ත ශාලාවේ බස් රථයකින් දඹදෙනිය කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යාම සිදුවිනි.
මෙම ආසාදිතයින් හේතුවෙන් පවුල් 300කට අධික සංඛ්‍යාවක පුද්ගලයින් දහසකට ආසන්න පිරිසක් මේ වන විට අවස්ථා කිපයකදි ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.