මැදපෙරදිග රටවල සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 72 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද දින දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඒ අනුව අද දින අලුයම 12.40 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් එරට රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 03 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එමෙන්ම කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානය දෝහා සිට අද දින අලුයම 1.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු රැගෙන අද දින අලුයම 4.45 ට චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1026 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටාර් රාජ්‍යයේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු රැගෙන දෝහා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානය අද දින අලුයම 6.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ගුවන් තොටුපළේ දී මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීමට ආසිරි , නවලෝක සහ ලංකා යන කොළඹ පිහිටි පෞද්ගලික රෝහල් වල කාර්යය මණ්ඩල පැමිණ සිටි අතර , ඉන්පසුව මෙම පිරිස නීරෝධායන කටයුතු සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රැගෙන ගොස් තිබුණි.