ශ්‍රී ලංකාවට පැමිණීම සදහා රජයෙන් විශේෂ අවසර ලබා ගෙන ,මැදපෙරදිග රටවල් දෙකක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 51 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
කටාර් රාජ්‍යයේ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු අද දින අලුයම 1.45 ට කටාර් හි දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එමෙන්ම ඕමානයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු එරට මස්කට් නුවර සිට අද දින උදෑසන 7.40 ට පැමිණි ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 373 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මොවුන් සියලු දෙනා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල දෙකක සාමාජිකයන් විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව , ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් තිබේ .