කටාර් රජයේ සේවා ගිවිසුම් කාලය ඉක්මවා ගොස් මව්බිමට පැමිණිමට සිටි ලාංකිකයන් පිරිසක් කෝවිඩ් 19 ව්‍යාප්තවීමත් සමග මාස දෙකකට අධික කාලයක් නේවාසිකාගාරකය දැඩි දුෂ්කරතාවයක්ට හා අසරණ තත්වයට පත්ව ඇතැයි කටාර් බින් ඔමාර් ආයතන ලාංකික සේවක එකමුතුවේ කැඳවුම්කරු රාජු ප්‍රනාන්දු මහතා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් පැවසීය.
නේවාසිකාගාරයේ සිටිනා විශාල පිරිසකට දිනෙන් දින කෝවිඩ් 19 රෝගය ආසාධනය වෙමින් තිබෙන බවත් නිසි සෞඛ්යාරක්ෂිත වටපිටාවක් නොමැති හෙයින් එම නේවාසිකාගාරයේ සිටින 60 ට අධික ලාංකිකයන් පිරිසගේ ජිවිතද දිනෙන් දිනම දැඩි අවදානමකට ලක්ව තිබෙමින් පවතින බවත් ඔහු පැවැසීය.
මෙම ආයතන නේවාසිකාගාරයේ සිටි විශාල විදේශිකයන් පිරිසක් ඔවුන්ගේ රටවල තානාපති අංශ මැදිහත්වීමෙන් එම රටවලට ගොස් ඇති බවත් තමන් පත්ව ඇති අසරණ තත්වය තත්වය පැවසීමට කටාරයේ ශ්‍රීලංකා තනාපති කාර්යාලයේ කිසිවෙකුත් එම ස්ථානයට පැමිණියේ හො තානාපති කාර්යාලයට තමන්ට ගොස් පැවසීමටවත් ඉඩක් නොලැබුණ බවත් රාජු ප්‍රනාන්දු මහතා කීය.
මෙවැනිම ආකාරයට මැදපෙරදිග රටවල විශාල පිරිසක් මේ වන විට දැඩි අපහසුතාවට පත්ව ඇති අතර බොහෝ පිරිසකට රැකියා අහමි වී තිබේ. ඔවුන් අවම සෞඛ්‍ය පහසුකම් යටතේ මැදපෙරදිග කටයුතු කරමින් සිටියි.