මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගොඩිගමුව ප්‍රදේශයෙන් ඊයේ (13) කොවිඩ් රෝගීන් 14 දෙනෙකු අලුතෙන් හමුවී ඇතැයි මොනරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.
ගෙවීගිය සතිය තුළ මැදගම-ගොඩිගමුව ප්‍රදේශයෙන් කොවිඩ් 19 රෝගීන් 48 දෙනෙකු හමුවී ඇති අතර ඔවුන් කොවිඩ් 19 රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකර ඇත.
පී.සී.ආර් පරීක්ෂණ වලට යොමු කළ පනස් දෙදෙනෙකුගේ වාර්තා ලැබීමට නියමිතය.
මැදගම ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් පියදිගම මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ ගොඩිගමුව ප්‍රදේශයේ සියලුම වෙළෙඳසැල් වසාදමා ඇති අතර ප්‍රදේශවාසීන්ට ප්‍රදේශයෙන් පිටව යාම සහ ප්‍රදේශයට පුද්ගලයින් ඇතුල්වීම සීමාකර ඇති බවයි.
පී.සී.ආර් පරීක්ෂණ සඳහා වැඩි පිරිසක් යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළ බවද හෙතෙම පැවසීය.
මොනරාගල සුමනසිරි ගුණතිලක