මැදි ආදායම් ලබන රාජ්‍ය හා පෞද්ගලික අංශ සාමාජිකයන් පළමු වරට නිවසක් මිලට ගැනීමේදී ලබා ගන්නා ණය සඳහා සළකා බලන මාසික ආදායම් මට්ටම පහළ දැමීමට රජය තීරණය කර තිබේ.
මෙම ණය ව්‍යාපෘතිය ජාතික ඉතිරි කිරිමේ බැංකුව මගින් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා සපුරාලිය යුතු කොන්දේසි කිහිපයක්ද ලිහිල් කර තිබේ.
ඒ අනුව ණය අයදුම් කිරීමේ වයස් සීමාව බැංකු විසින් සළකා බලන වයස් සීමාව ලෙස ගැනීම,පෞද්ගලික අංශය විසින් ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිවලින් නිවාස මිලට ගැනීමට අවස්ථාව ලබාදීමටද රජය ඉඩ ලබාදී ඇත. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාවන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.