ගල්කිස්ස හා කහතුඩුව පොලිස් වසම් වල සිදුකළ වැටලීම් දෙකකින් කේරල ගංජා , මත්පෙති සහ හෙරෝයින් මත්කුඩු සමග කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථානය කියයි.
එම සැකකරුවන් සමඟ කේරල ගංජා ග්‍රෑම් 50ක්, මත්පෙති 170 ක්,හෙරෝයින් මිලිග්‍රෑම් 2520 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් හතලිස් දහසකට ආසන්න මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ දී හා කහතුඩුව කිරිවත්තුඩුව ප්‍රදේශයේ දී වැටලීම් සිදු කළ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු රත්මලාන ප්‍රදේශයේ වයස අවුරුදු 48 ක් වන පුද්ගලයෙක් වන අතර සැකකාරිය කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි කාරියකි.
සැකකරු හා සැකකාරිය කැස්බෑව හා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
