ආරක්ෂක අංශ විසින් අඛණ්ඩව සිදු කරන වැටලිම් නිසා වෙළෙඳපොලේ හෙරෝයින් සහ මත්ද්‍රව්‍ය වල හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් විකල්ප මත්ද්‍රව්‍ය රටට ගෙන ඒම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පසුගිය 6 වනදා සිට 12 වනදා දක්වා පොලීසිය සිදු කළ වැටලිම් වලදි හෙරෝයින් කිලෝ 3ග්‍රෑම් 908 සමඟ පුද්ගලයින් 2058 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
