මත්තල අලාභය රු. 39 369යි
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පසුගිය වසර හතක කාලය තුලදි (2018-2024) රුපියල් මිලියන තිස්නමදහස්, තුන්සිය හැටනමයක (39,369) පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවන සදහන් වේ.
ඉකුත් වර්ෂයේ පමණක් මත්තල ගුවන්තොටුපලෙහි මෙහෙයුම් වියදම රුපියල් මිලියන 3,600.8කි. ආදායම රුපියල් මිලියන 242ක් වු අතර ඒ අනුව ආදායම මෙන් වියදම දාහතර ගුණයකින් වැඩිවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මෙකි ගුවන්තොටුපලේ වාර්ෂික මගි ධාරිතාවය මිලියනයකි.එහෙත් පසුගිය වසර හය තුලදි මෙම ගුවන්තොටුපොළ භාවිතා කරණු ලැබු ගුවන් මගින් සංඛ්‍යාව තුන්ලක්ෂ,විසිඑක්දහස් පන්සියහැත්තැහතකි. (321,577) පසුගිය වසර හය තුල මුළු ගුවන් ගමන්වාර 3,596ක් වු අතර ගුවන්තොටුපොල ඉදිකිරිම සදහා වැයකොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 247.7ට සමාන රුපියල් මිලියන 36,564කි.
ගුවන්තොටුපොල ඉදිකිරිම සදහා මුලිකව ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 190ක විදේශිය ණය සදහා ගුවන්තොටුපළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම විසින් ගෙවා ඇති විදේශණය පොලිය රුපියල් මිලියන 1590කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

