කොළඹ උතුර කොට්ඨාසයේ මුතුවැල්ල මාවත හා අලුත් මාවත අතර මාර්ගයේ එක් දිශාවකට පමණක් වාහන ධාවනය කිරීමේ සැලැස්මක් ක්රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
එම මාර්ගයේ පවතින රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙය ක්රියාත්මක කරයි. හෙට (15දා) සිට බලපැවැත්වෙන පරිදි මෙම රථාවහන සැලැස්ම ක්රියාත්මක කිරිමට නියමිතය.