මැතිවරණයෙන් පසු වතුකරයේ සැබැ වෙනසක් ඇති කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහලේකම් සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.
ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ 2020 මහ මැතිවරණයේ අවසන් ප්රචාරක රැස්විම (02) දින හැටන් ප්‍රදේශයේ පවත්වමිණි.
මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක්වු ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ අද වතුකරයේ අධ්‍යාපනය සුදුසුකම් ඇති විශාල පිරිසක් රැකියා විරහිතව සිටින බවයි.
එම තරුණ තරුණියන් අධ්‍යාපන සුදුසුකම් තිබියදි තම ජිවන උපාය සිදුකරගෙන යාම සදහා පෞද්ගලික ආයතන වල රැකියා වල නිරතව සිටින බවත් , මැතිවරණයෙන් පසු එම තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට ස්ථිර විසදුමක් ලබාදෙන බවද ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.
වතුකරයේ ජනතාව අද වෘත්තිය සමිති වශයෙන් බෙදි වෙන් වි ඇති බවත් , තම දිවන්ගත පියාද පැවසුවේ වතු කම්කරුවන් වෘත්තිය සමිති වශයෙන් බෙදි සිටිනතාක් කල් වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබා දි අසිරු බවයි.
මැතිවරණ කාලයේ විවිධ පොරොන්දු ලබාදෙමින් වතුකරයට පැමිණෙන බොහෝ අපෙක්ෂකයන් මැතිවරණයෙන් පසු පලා යන බවත්, වතුකරයේ ජනතාව සමග රැදි සිටින එකම පක්ෂය ලංකා කම්කරු කොන්ග්රසය බවයි ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ.
නුවරඑලිය දිස්ත්‍රික්කය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මෙවර අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවත් , එම ජයග්‍රහණය තුලින් වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුව ඇතුළු නිවාස ගැටලුවටද තිරසාර විසදුමක් ලබාදෙන බවයි ජිවන් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.