කොවිඩ් වසංගත තත්ත්වය යටතේ පවා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමේ ප්රතිශතය සියයට 70ක තරම් ඉහළ ප්රතිශතයක් ගනු ඇති බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්රාමාත්යවරයා මෙම අදහස් පළ කළේ ශ්රී ලංකාවෙන් නික්ම යෑමට නියමිත ශ්රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේ ජර්මානු තානාපතිවශයෙන් කටයුතු කළ ජොන් රූඩ් මහතා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදීය.
තැපැල් ඡන්දය භාවිත කිරීමේ ඉහළ ප්රතිශතය ඉහළ මට්ටමක් ගත් බවත් ඒ අනුව අගෝස්තු 05දා පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද භාවිත කිරිමේ ප්රතිශතය ඉහළ යනු ඇති බවත් අග්රාමාත්යවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ ජර්මානු තානාපතිවරයා සදහන් කළේ ශ්රී ලංකාව සම්බන්ධයෙන් වන ජර්මානු ප්රතිපත්තියේ වෙනසක් සිදුව නොමැති බවත් සෑම විටම ශ්රී ලංකාවට සහාය දැක්වීමට කටයුතු කරන බවත්ය.