මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයින්ට හිමි මනාප තුනම භාවිතා කොට රටට ජාතියට වැඩක් කළ හැකි නියෝජිතයින් පාර්ලිමේන්තුවට පත්කිරීම යුතුකමකට වඩා එහා ගිය වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (27) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ රටට ජාතියට සමාජයට සේවයක් කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර එවීම ජනතාවගේ ප්රමුඛ වගකීමක් බවයි.
දියුණු වන රටක ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම රජයක වගකීම යි.
ජනතාවට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු වීමත් සමඟ ග්රාමීයව මහාමාර්ග කාපට් කිරීම, කොන්ක්‍රීට් පාරවල් ඇති කිරීම, පාසල් ගොඩනැගිලි ඉදිකිරිම මෙන්ම වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා වෘත්තීය පුහුණු ආයතන ඉදිකිරිම වැනි පහසුකම් සැලසීම හරහා රැකියා උත්පාදනය කළ හැකි ක්‍රම දැනටමත් සැලසුම් කොට තිබේ.
එම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයා හැකිවන පරිදි අණපනත් සම්මත කර ගැනීම සඳහා සමාජයට වැඩදායි පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත්කර එවන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.