පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට ජනතා නියෝජිතයින් 18 දෙනෙකු තෝරාපත් කර ගැනීම පිනිස ඡන්දදායකයින් 17,85,964 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවත් මෙය 2019 පළාත් පාලන මැතිවරණයට වඩා ඡන්දදායකයින් 34,092 ක වැඩිවීමක් බවත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී , දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
මෙවරද මැතිවරණය සඳහාද දිවයිනෙහි වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටිනුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. දිස්ත්‍රික්කයෙහි තැපැල් ඡන්ද සංඛ්‍යාව 54,098 කි.
මැතිවරණය සඳහා අපේක්ෂකයින් 693 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර පිළිගත් දේශපාලන පක්ෂ 15 කින් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් අපේක්ෂකයින් පිරිස ඉදිරිපත්ව සිටිති.
දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1188 කදී ඡන්දය පැවැත්වෙන අතර මෙම මැතිවරණයේ කටයුතු සදහා නිලධාරීන් වැඩි පිරිසක් යෙදවීමට සිදුව ඇති බව පැවසූ තේරීම් භාර නිලධාරීවරයා , නිලධාරීන් 27,339 ක් සහ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරීන් 6000 ක පමණ පිරිසක් යෙදවීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයිද කීය.