පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව ජනපතිවරයා නියම කළ දිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි නම් ඒ සඳහා දිනයක් නියම කිරීමේ බලය මැතිවරණ කොමිෂමට ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරනනේ දිනයක් නියම නොකොට මැතිවරණය කල් දැමීමේ බලයක් මැතිවරණ කොමිෂමට නොමැති බවයි.
“පසුගිය මාර්තු දෙවැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් 25 හැටියටත්, අලුත් පාර්ලිමේන්තුව මුල් වරට හමු වෙන දිනය මැයි 14 වැනිදා හැටියටත් නියම කළේය.
ඊට දින දහයකට පසු පළමු කොරෝනා රෝගියා සොයා ගත් අවස්ථාවේදී මැතිවරණය පවත්වන දිනය කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නොතිබුණි.
1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්, ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටී.
දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැත.
සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට අනාගතයේ විය හැකි හෝ නොහැකි දේවල් පිළිබඳව ඇතිකරගන්නා උපකල්පන මත අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසළකා හැරිය නොහැක. මැතිවරණ කොමිසම මුලින්ම 24(3) වගන්තිය යටතේ ඔවුන් වෙත පැවරී ඇති කාර්යභාර්ය නීතියට අනුකූළව ඉටුකර, ඉන් පසුව සාකඡ්චා කළ යුතු කාරණයක් ඇත්නම් ඒ වෙත යොමු විය යුතුය. “