පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ ඒකාබද්ධ මැතිවරණ අපදා ඒකකයක් ස්ථාපිත කර තිබේ.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්ගේ සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව පැය 24 පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ විශේෂ මැතිවරණ ආපදා ඒකකය අද (04දා) ආරම්භ කර තිබේ.
එමඟින් මැතිවරණ සමය තුළ හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් එකී සියලු ආපදා කළමනාකරණ කටයුතු සිදුකොට ජනතාවට ඡන්ද පහසුකම් ලබා දීමේ ක්‍රියාවලියක් සක්‍රිය කිරීමට මෙම ඒකකය ස්ථාපිත කිරීමේ අපේක්ෂාවයි.
භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත 070 – 2117117 / 011 - 3668032 / 011 – 3668087 / 011 – 3668025 / 011- 3668026 / 011-3668119 යන දුරකථන අංක වලට ඇමතීමෙන් හෝ පැය 24 පුරා ක්‍රියාත්මක 114 ක්ෂණික දුරකථන අංකයට හෝ ඇමතීමෙන් මෙම කාල පරිච්ඡේදය තුළ යම් අපදාමය තත්ත්වයක් වුවහොත් ඒ සම්බන්ධයෙන් වාර්තා කළ හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.