2020 මහමැතිවරණයේ නිහඩ කාල සිමාව තුල මැතිවරණ නීතිය අකුරට පිළිපදින්නැයි කැෆේ සංවිධානය සියලු දේශපාලන පක්ෂවලින් සහ ස්වාධින කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි.
එම සංවිධානයේ අධ්යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය සඳහන් කළේ බොහෝ දේශපාලන පක්ෂ මෙම නිහඩකාල සීමාව උපක්රමශිලී ලෙස අපේක්ෂකත්ව ප්රවර්ධනය සඳහා යොදාගන්නා බවයි.
මැතිවරණයේ දී සෑම පක්ෂයකට හා සංවිධානයකටම සමබිමක් නිර්මාණය කිරීම සඳහා මෙන්ම ජනමතයට සිදුවිය හැකි අයුතු බලපෑම් වළක්වා ගැනීමට හා මැතිවරණ කටයුතු නිදහස් හා සාමකාමී ලෙස පවත්වාගෙන යාම සඳහා මෙලෙස මැතිවරණයට පෙර නිහඩ කාලසීමාවක් ප්රකාශයට පත්කර ඇති බව පෙන්වා දුන් ආරියවංශ මහත්මිය අවධාරණය කළේ බොහෝ දේහපාලන පක්ෂ විවිධ උපක්රම යොදාගනිමින් මෙම නිහඩ කාලය තුළ ද මැතිවරණ ප්රචාරණයේ නිරත වෙන බවයි.
ඇතැම් පක්ෂ මැතිවරණයට සහ අපේක්ෂකයින්ට සෙත්පතා ආගමික වතාවත් ආදිය සංවිධානය කිරීම වැනි විවිධ කටයුතු මාර්ගයෙන් අපේක්ෂකත්ව සහ පක්ෂ ප්රවර්ධනය සඳහා මෙම කාලසීමාව යොදාගන්නා බව ආරියවංශ මහත්මිය සඳහන් කරයි.
මෙවර මැතිවරණයේදීවත් එවැනි නීතිවිරෝධි උපක්රමික මැතිවරණ ප්රචාරණ කටයුතු වලින් ඉවත්වී නිදහස් හා සාධාරණ මෙන්ම සාමකාමී මැතිවරණයක් සඳහා වන අවකාශස සලසා දීමට දේශපාලන පක්ෂ නායකයින් සහ අපේක්ෂකයින් කටයුතු කල යුතු බව කැෆේ සංවිධානයේ අධ්යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය සඳහන් කරයි.