කෙටි කලකදී මැතිවරණ ව්‍යාපාරයේ සහ සමස්ත දේශපාලන සංස්කෘතියේ ඇති කළ යහපත් පරිවර්තනය ගැන ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසාදය පළ කරති.
පෝස්ටර්, බැනර්, කටවුට් සහ ගැටුම් රහිත නව මැතිවරණ ප්‍රචාරණ කලාවක් බිහිව තිබේ. එය ජනාධිපතිවරණයේ සිට මේ දක්වා රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිතුමා ගත් ක්‍රියාමාර්ගවල යහ ප්‍රතිඵලයක් බව ජනතාව පවසති.
පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (29) කළුතර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා බණ්ඩාරගම සතිපොළ භූමියේ පැවති ජන හමුවට පැමිණි අවස්ථාවේ ජනතාව එසේ සඳහන් කළහ.
ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ රටේ බහුතර ජනතාවගේ හදවත් දිනා ගෙන තිබේ. එබැවින් ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කිරීමට පාට, පක්ෂ නොසලකා ඡන්දය හිමිවනු ඇතැයි ජනතාව ප්‍රකාශ කළහ. ව්‍යවස්ථා වෙනසකින් රට ගොඩනැගීමට ආණ්ඩු බලය භාවිත කරන්නැයි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.