පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට නීතිමය ප්‍රතිපාදන සලසා දී නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුණිද සිල්වා මහත්මිය අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැසුවාය.
පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාගය හය වැනි දිනටත් කැඳවූ අවස්ථාවේදි ඇය මේ බව පැවැසුවාය.
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ඇත්තේ විසුරුවා හළ පළාත් සභාවක් නැවත කැඳවීම සඳහා පමණක් යැයිද ඇය පැවැසුවාය.
ඒ අනුව පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ලබා දිය නොහැකි බව සඳහ් කළ අතිරෝක සොලිස්ටර් ජනරාල්වරිය මෙම පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයිද කියා සිටියාය.
එසේම පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව රජයේ නිවාඩු දිනවල නාම යෝජනා පත්‍ර භාර ගැනීම සඳහා නීතිමය බාධාවන් නොමැති බවද ඇය පැවැසුවාය.
තිළිණි ද සිල්වා/ රංජන් කටුගම්පොළ