මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දනය සඳහා නිරෝධායන නීති කඩකිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදාව යතුරුපැදි බලකායක් හඳුන්වාදීම 27 දින යුද හමුදාවේ පනස් තුන්වන බල සේනා මූලස්ථානයේ දී සිදුකෙරිණි.
යුද හමුදාවේ පනස් තුන්වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිසාන්ත මානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල ඉනාමළුව පනස් තුන්වන යුද හමුදා සේනාංක මූලස්ථානයේ දී යුද හමුදා සෙබළුන් 60 දෙනෙකුගෙන් යුත් යතුරු පැදි බලකාය දිස්ත්‍රික්කය පුරා පිටත්කර හැරීම සිදු කෙරිණි.
එමෙන්ම යුද හමුදා මාධ්‍ය කණ්ඩායම් විසින් නගරයේ ඩ්‍රෝනා කැමරා උපයෝගී කරගෙන නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සිදුකරන පිරිස් සෙවීමේ කටයුතු ද මාතලේ දිස්ත්‍රික්කයෙන් මෙදින ආරම්භ කිරීම විශේෂත්වයකි
යුද හමුදාවේ ප්‍රහාරාත්මක බලකායේ පළමු මෙහෙයුම් කිහිපය දඹුල්ල නගරයේ දී 27 දින සිදු කෙරිණි .එහිදී නිරෝධායන නීති උල්ලංඝණය කරමින් වෙළඳාමේ නිරත වෙළඳසැලක් සම්පුර්ණයෙන්ම යුධ හමුදා ප්‍රහාරාත්මක කණ්ඩායම විසින් සූක්ෂ්ම ලෙස සොයාගෙන එහි තොරතුරු ඉහළ නිලධාරීන්ට දැනුම් දී වහාම කණ්ඩායම හා යුද හමුදාවේ ඉහළ නිලධාරීන් පැමිණ එම වෙළඳසැල සම්පුර්නෙන්ම වසා දැමීමට පියවර ගැනීම විශේෂත්වයකි
මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ් කමිටු මර්දන ඒක ඒකකයේ ප්රධානීමේජර් ජනරාල් නිශාන්ත මානගේ මහතා කියාසිටියේ මාතලේ දිස්ත්‍රික්කය පුරා මෙම යුද යුදහමුදාවෙ ප්‍රහාරාත්මක යතුරුපැදි කණ්ඩායම යොදවා නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් හඳුදුනාගෙන එම අය දැනුවත් කිරීම මෙන්ම අවශ්‍ය වෙතොත් පොලීසියේ සහය ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරන බවය.
දඹුල්ල කාංචන කුමාර ආරියදාස