මධ්‍යම පළාතේ මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සදහා තවත් එන්නත් ලක්ෂයක් ලැබී ඇති බවත් මුල් අදියරේ සාර්ථකව ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩ පිළිවෙල ඒ ආකාරයෙන් ම සැලසුම් සහගත ව ක්‍රමානුකුලව මෙවරත් දියත් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යූ ගමගේ මහතා සඳහන් කළේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවණාගාරයේදී ඊයේ (4) පැවති කෝවිඩ් පාලනය සදහා වන මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටු රැස්වීමේ දී මේ බව අනාවරණය කළේය.
මෙම දිස්ත්‍රික්ක දෙක සදහා ලැබුණු එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල ජුලි 07 – 11 දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 26 ක් අනාවරණය වන පරිදි ලබා දීමටත් ,එහිදී මුල් අදියරේ ක්‍රියාත්මක වැඩපිළිවෙල ඒ ආකාරයෙන් ම ඒ ඒ කොට්ඨාශයට මට්ටමින් ක්‍රියාවට නැංවීමට කමිටුව තීරණය කරනු ලැබූ බවත් ආණ්ඩුකාරවරයා පැවසිය.
විශේෂයෙන් පවතින වසංගත තත්ත්වය තුල වාර්තා වන මරණ සංඛ්‍යාව අවම කර ගැනීම , වැඩිහිටියන් ආසාදිතයන් බවට පත්වීම අවම කර ගැනීම ගැබිණි මව් වරුන් සහ ඉදිරිපෙළ රාජ්‍ය සහ ආරක්ෂක අංශ සේවකයන් සදහා ප්‍රමුඛත්වය ලබා දෙනමින් මෙම එන්නත්කරණ ක්‍රියාවලිය දියත් කෙරෙන බව ද හෙතෙම අවධාරණය කෙළේය.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්