මාතලේ මඩවල උල්පත නගරයට ආසන්න ඇළක තිබි පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් ඉකුත් සොයා ගත් බව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මඩවලඋල්පත කැටවල පදිංචි රම්බණ්ඩාගේ කපුරුබණ්ඩා නැමැති 59 හැවිරිදි තිදරු පියෙකු වන බවත් ඔහු කාලයක් නිවසින් බැහැරව සිටි අයෙකු බවද පොලිසිය කියයි.
මාතලේ වැඩබලන මහේස්ත්‍රාත් වසන්තා ධර්මකිර්ති මහත්මිය විසින් ස්ථානිය මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වු අතර මළ සිරුර පිළිබදව පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලෙස මාතලේ අධීකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළාය.
සිද්ධිය පිළිබදව මාතලේ කොට්ඨාෂ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මහවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්ද්‍රසිරි නගමවුව පෙරේරා මහතාගේ මෙහෙයවිම මත පො.ප දිවාකර,පො.සැ 6755 සමරකොන්,පො.කො 84196 සුරවිර යන නිලධාරින් පරික්ෂණ පවත්වයි.
මාතලේ මහේෂ් කිර්තිරත්න