මාතලේ නගර සිමාවේ සිදු කරන ලද ඇන්ටිජන් පරික්ෂණවලින් සියයට හැටක ප්‍රමාණයකට කොවිඩ් ආසාදනය වි ඇති බව තහවුරු වන බව මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධීපති අමිල නිරෝෂන මහතා පවසයි.
නගර සභාවේ සෞඛ්‍ය අංශය මගින් දිනපතා මෙම පරික්ෂණ සිදු කරන බවත් එසේ සිදු කිරිමෙන් මේ බව තහවුරු වන බවද නියෝජ්‍ය නගරාධිපතිවරයා පැවසිය.
මාතලේ නගර සිමාව තුළ කොවිඩ් වයිරසය ශීඝ්‍රයෙන් පැතිර යන බවත් අත්‍යවශ්‍ය කරුණකට හැර නිකරුනේ නගරය වෙත පැමිණිමෙන් වලකින ලෙසත් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමන කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.
මාතලේ මහේෂ් කිර්තිරත්න