මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ විසින් මාතලේ නගරාධීපති ඩල්ජිත් අලුවිහාරේ එම ධූරයෙන් පහ කරනු ලැබ තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඊයේ (2) නිකුත් කරනු ලැබිය.
මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේට එරෙහිව චෝදනා රැසක් එල්ල වී තිබූ අතර ඒ හේතුවෙන් ඔහුගේ නගරාධිපති ධූරය මීට පෙර මාස තුනක කාලයකට අත්හිටුවා නියෝජ්‍ය නගරාධිපතිවරයා ධුරයේ වැඩ බැලීම සදහා පත්කරනු ලැබිය.
එම චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩුකාරවරයා විසින් කමිටුවක් පත්කරනු ලැබූ අතර එම කමිටු වාර්තාව පසුගිය 24 වෙනිදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ වෙත භාර දෙනු ලැබුවා.
එම වාර්තාවේ කරුණු සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළෙඹ තිබේ.