මාතලේ වරකාමුර පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින්ගෙන් සිදු කරන ලද පිසිආර් පරික්ෂණවලදි සේවකයින් 30ට වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වි ඇති හෙයින් එම කර්මාන්ත ශාලාව වසා දැමිමට පියවර ගත් බව උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
කර්මාන්ත ශාලාවේ නියුතු අනෙකුත් සේවකයින් සියලු දෙනා සිය නිවෙස් තුළ සවං නිරෝධායනයට ලක් කිරිමිට පියවර ගත් බවද සෞඛ්‍ය බලධාරිහු කියයි.
පවතින තත්වය හමුවේ දැඩි මෙම පිරිස් සමග සබදතා පැවැත්වු අය වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කර නිරෝධායන ක්‍රියාවලියට යොමු වන ලෙසද සෞඛ්‍ය නිලධාරින් අදාළ පිරිස් වෙතින් ඉල්ලා සිටියි.
රත්තොට රුවන් ධනංජය