Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුරකාලය 2020 වසරේ ජුනි මාසය දක්වා පවතින බවට පෙනීයන බැවින් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බැලීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
නීත්‍යනුකූව එම කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම ධුරය දැරීමට හැකියාව ලැබුනහොත් ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත්වෙන බවද එම පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
19 වැනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර 05ක් බවද ඒ මහතා පවසා සිටියේය.
එහෙත් වසර 05 ආරම්භ වන්නේ පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් කළ දිනයේ සිටද යන්න ගැටලුවක් මතු වී ඇති බවත්, කිසිදු පනතක් අතීතයට බලපාන්නේ නැති බැවින් ධුර කාලය ගණනය කිරීම පනතට අත්සන් කළ දිනයේ සිට ආරම්භ වන බවත් මහලේකම්වරයා පැවසීය.
අධිකරණ තීන්දුවකින් එයතහවුරු වුවහොත් ජනාධිපතිමෛත්රීපාල සිරිසේන මහතාට 2020 වසරේ ජුනි 21 දක්වා ජනාධිපතිධුරය දැරිය හැකි බවද ඒ මහතා පවසා සිටියේය.
මහලේකම්වරයාඊයේ (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පවසා සිටියේය.
එමෙන්මමේ මස 22 වැනිදායින් පසු අදාළ මතය විමසීමටපියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරණයටපෙර මහා මැතිවරණයක්පැවැත්වීමට කටයුතු කළහොත්ජනාධිපති අපේක්ෂක ගැටලුවලට විසඳුම් ලැබෙන බවද මහ ලේකම්වරයා පැවසීය.
popular news
Champa Wednesday, 10 April 2019 09:38 AM
ජනමතය ඇහැව්වොත් මෛත්‍රී වැඩිපුර එක දවසක්වත් ඉන්නවට රටේ ජනතාවගෙන් 100% ක්ම විරුද්ධ වෙනවා. මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවට දැන් ඇවිල්ල ඉන්නේ. මහින්දට අගමැතිකම දුන්නේ මහින්ද ලව්වා ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්න. වැඩක් වෙන්නේ නෑ.මහින්ද කිව්වත් මිනිස්සු මෛත්‍රීට චන්දෙ දෙන්නේ නැහැ. අනිත් කතාව 19 වෙනි සංශෝධනය. කාටවත් කිසිම ගැටලුවක් නැහැ. මෛත්‍රී ඉන්නේ අවුරුදු 5යි. මම වෙන තැනකත් මේක ලිව්වා. ජනාධිපතිවරයෙක්ගේ කාලය පටන් ගන්නේ දිවුරුම් දීපු දවසේ ඉඳන්. ඔයිට කලිනුත් අවුරුද 6ක් ඉන්නද අහල ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා අවුරුදු 5යි කියලා. කතානායක පනත් අත්සන් කළා කියලා කතානායක කෙනෙකුට පුලුවන්ද ජනාධිපතිවරයෙක්ගේ ධූරය පටන් ගන්න දවස තීරණය කරන්න? අනිත් එක එහෙම ඉබේ වෙන්නේ නැහැ. අලුත් නිල කාලයක් එන්න 19 ට පස්සේ ජනාධිපති අලුතෙන් දිවුරුම් දෙන්න ඕනේ. හොඳ වෙලාවට එහෙම මොලයක් කාටවත් තිබ්බේ නැහැ. එහෙම අලුත් දිව්රුමක් නැති නිසා දිවුරුම් දීල තියෙන්නේ කවදද එදා ඉඳන් තමයි අවුරුදු 5 ගණන් ගන්නේ. යන්න උසාවි. රටම කියනව ගෙදර යන්න කියලා තවත් පව් නොදී. කතා දෙකක් නැහැ අවුරුද්ද අග චන්දෙ නොතිබ්බොත් මිනිස්සු පාරට ඇදල දානවා. ඒ හින්ද නම්බු පිටින්
Reply : 1 336
Champa Wednesday, 10 April 2019 10:00 AM
වෙන තැනක දැක්ක දයාසිරි කියල තියෙනවා අලුත් අග්‍ර ව්නිශ්චයවරයා පත් වුනහමලු ජනාධිපතිට ලබන ජූනි වෙනකම් ඉන්නද අහන්නේ. ඇයි අලුත් මිනිහෙක් එනකම් ඉන්නේ? දැන්මම අහන්න පුළුවන්නේ. දයාසිරිගේ කතාව ඊළඟට පත් වෙන අග්‍ර විනිශ්චයවරයාගේ අවංක භාවය සහ අපක්ෂපාතීත්වය ගැන බරපතල ප්‍රශ්නයක් මතු කරනවා. ඒ කියන්නේ ඊලග අග්‍ර විනිශ්චයවරයා හැටියට පත් කරන්නේ මෛත්‍රී එක්ක deal එකක් දාල ඉන්න කෙනෙක්. Deal එක තමයි අග්‍ර විනිශ්චයකාර තනතුර හිලව්වට මෛත්‍රීට ජූනි වෙනකම් ඉන්න පුළුවන් කියලා කියව ගන්න. දැන් අහන්නේ නැහැ ඒ මොකොද කිව්වා නම් දැන් ඉන්න අග්‍ර විනිශ්චයකරවරය එහෙම නම්ම ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි හින්ද. නමුත් දයාසිරි කියන විදිහට ඊළඟට මෛත්‍රී නම් කරන අග්‍ර විනිශ්චයකාරවරයා මෛත්‍රීගේ පැත්තට වාසි විදිහට තීන්දුව දෙන්න පුළුවන්. අනිත් මිනිස්සු බලයට කෑදරයි අපි නම් එහෙම නැහැ කියලා වේදිකාවල පට්ට දේශනා දීල ආපු මිනිහ ඉතිහාසයේ කවදාවත් ජනාධිපතිවරයෙක් නොකරපු විදිහට තව මාස කීපයක් හින්න නිර්ලජ්ජිත විදිහට හිඟමනේ යනවා. මිනිස්සුන්ට කිසිම අමාරුවක් නැහැ පාර්ලිමේන්තු චන්දෙ ඉක්මන් කරවන්න. එලඟ පාර්ලිමේන්තු චන්දෙට යන්න ඉස්සෙල්ල සිංහලයන්ට කරන්න දේ
Reply : 0 234
Daham Wednesday, 10 April 2019 11:03 AM
චම්පා කියන දේ ඉතාමත් නිවැරදියි . මේ මිනිහව ගහලම පන්නන්න වෙන්නේ චම්පා මුලින් කිව්වා වාගේ. මෙය දිගට හිටියොත් රටට මහා සෙතක් කියල රිලසිරිලා වගේ මෝඩයෝ හිත ඉන්නේ. අසම්මත්ජාති පුද්ගලොයෝ රටට හෙන ගැහුවත් කමක් නැහැ .
Reply : 0 0
Jayantha Pushpakumara Wednesday, 10 April 2019 02:55 PM
Ethakota Kathanayakathuma Athsankale 2019 January nam Presidential Election eka thiyanne 2024 January ????????
Reply : 0 0
upul Thursday, 11 April 2019 11:39 AM
එතකොට 2015 ජනවාරි 15 සිට 2015 ජුනි 21 දක්වා මෛත්‍රීපාල ජනාධිපති වරප්‍රසාද භුක්ති විඳ තිබීම නිතියට පටහැනිද ?
Reply : 0 0
Deepal Nirosh Thursday, 11 April 2019 02:02 PM
ජන මතයට බය වෙච්ච තරමක මහත? කිව්වෙ අවුරුදු හතරකින් ගෙදර යනව කියල.
Reply : 0 0
ජයරත්න Thursday, 11 April 2019 03:57 PM
ඇය් එතුම පත්වුණු ගමන් කියපුව දැන් අමතක වෙලාද?
Reply : 0 0
rocky Thursday, 11 April 2019 08:14 PM
මේක මහා ගොන් කතාවක්නේ. කතානායයතුමා පනත අත්සන් කලේ අද නම් අද ඉඳලා අවුරුදු පහක් ඉන්න පුලුවන්ද? ඕවා හොඳයි පොලොන්නරුව පැත්තේ මීහරකුන්ට!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd