අග්‍රාමාත්‍ය මහින්ද රාජක්ෂ මහතාටත් රජයටත් එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම නමින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ගන්නා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ. අද පස්වරුවේ පැවැති පක්ෂ නායක සමුළුවේදී ජනපතිවරයා මේ බව පවසා ඇත.
මාධ්‍ය නිවේදනය
පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට කැඳවූ සර්ව පාක්ෂික හමුව දීර්ඝ ලෙස පැය දෙකකට ආසන්න කාලයක් ඉතා සුහදව සහ මිත්‍රශීලි ලෙස අද (18දා) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ කි‍්‍රයා කළයුතු ආකාරය සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේ දි පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී සුදුසු තීරණයක් ගැනීමටත්, පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමටත් මෙහිදී සියලු දෙනා එකඟතාවයක් ඇතිකරගනු ලැබීය.
ජනාධිපතිවරයා මෙම හමුවේ දී සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේ රජයට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක්‍රමය භාවිතයෙන් ඡන්ද ගණනය කිරීම අත්‍යවශ්‍ය බවයි.
එය තමාටත් රටේ උගත් බුද්ධිමත් පොදු මහජනතාවට මෙන්ම අන්තර්ජාතිකව ද වඩාත් පිළිගත හැකි ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රජයක් වෙනස් කිරීම වැනි ප්‍රබල කාරණා පිළිබඳව තීරණයක් ගැනීමේ දී ස්ථාවර නියෝගවල සඳහන්ව තිබුණත් මන්තී‍්‍රවරුන්ගේ හඬ අනුව බහුතරය තීරණය කිරීම කාලෝචිත නොවන අතර, එහි විනිවිදභාවයක් නොමැති බව ද පැහැදිළි කරනු ලැබීය.
සර්ව පාක්ෂික සමුළුවට ආරාධනා ලැබූ සියලු පාර්ශ්ව සාකච්ඡාව නියෝජනය කළ අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඊට සහභාගී නොවන බව ජනාධිපතිට දන්වා තිබූ අතර, ජනාධිපති විසින් ඒ බව සභාවට ප්‍රකාශ කරනු ලැබීය.