හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද (05) පාස්කු කොමිසමට සාක්ෂි දීම සඳහා පැමිණියේ පළමු වතාවටය.
සාක්ෂි දීම සඳහා අද දින පැමිණෙන ලෙස පසුගිය සැප්තැම්බර් 22 වනදා ඔහුට දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත් ඒ මහතා, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි දෙනවිට ඊට සවන්දීම සඳහා මීට පෙර වාර කිහිපයක් පාස්කු කොමිසමට පැමිණියේය.
මේ අතර, හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා හෙට (06) දින පාස්කු ප්රහාරය පිළිබඳව සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමට පැමිණීමට නියමිතය.